Monday, November 5, 2012

සැන්දෑ සැවැන්දරී…


ලැජ්ජ බය කොහෙද?
ඔලුව වනලා තොල හපලා, කම්මුල් තොලෙන් තල්ලු කරද්දී
පාර මැද්දෙ…. මේ මටද?
ඔව් ඔව් ඔයාට තමයි.
මොනවද මේ කරන්නේ උඹ?
වෙන අතක් බලාගෙන මාරුවෙයන්
අනේ මං වගේ…?

තවමත් ඒකි දිහා බලාගෙන
තවත් නම් ඉවසන්න බැහැ…
මගේ කකුල් එයා දිහාට ඇවිදගෙන ගියා
එයා ලගින්ම…
එයාව පහුකරද්දී එයාගේ සුවද විතරක්; චුට්ටි
වෙලාවකට මට අයිති උනා
අනේ මං වගේ…?